සක්වලයෙන් පිට - Alien Technology is a Leader in Worldwide Volume RFID Technology

ඇමරිකාව සතුව අධි තාක්ෂනික පරිසරයයට බෙහෙවින් හිතකර ක‍්‍රම තිබෙන බවත් ඒවා ලෝකයට හෙලි නොකරන බවත්යගමෙම වාර්තා වැඩසටහන පිටුපස පාරභෟම බුද්ධි තොරතුරු අංශයේ නිර්මාතෘ ස්ටීවන් ගියර් සිටින බව පැවසේ.

නෙතට සොඳුරු දසුන් මවන අලංකාරය ස්ථාන - Most Beautiful Places in the World

සොබාසෞන්දර්යයෙන් අසිරිමත් ඓතිහාසික වශයෙනුත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඇතැම් දූපත්වල පැරණි ජනාවාසවල නටබුන් දැකිය හැකියි. ඒ නිසා මෙය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී හමාරයි. කෙසේවෙතත් මෙහි සුන්දරත්වය වැඩි කරන තවත් සම්පත් මේ..

ගීසා පිරමිඩ - Great Pyramid of Giza

ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ යෝධ පිරමීඩය ඊජිප්තුවේ ගීසාහි පිහිටා ඇත.ඊජිප්තුවේ දකින්න ලැබෙන පිරමීඩ වලින් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා පිරමීඩයයි.ලෝක ප්‍රසිද්ධ ඊජිප්තුවේ ගීසා හි පිහිටි දැවැන්ත පිරමිඩ ත්‍රිත්වයක් වන කූෆු, කෆරේ හා මෙන්කවුරේ යන නම් වලින් හැඳින් විය හැක.අතීතයේ ගීසා නම් නගරය වර්තමානයේ කයිරෝ යන නමින් හදුන්වයි

පුෂ්පිකය හෙවත් දඬුමොණරය - Pushpaka Vimana of Ravana

රාවණා රජුගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්.

ආලකමන්දාව නොහොත් සිගිරිය - Kingdom Of Sigiriya

පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි.

දුරකථනය සොයා ගැනීම - Inventor of the Telephone

ඇලෙක්සැන්ඩර්, ස්කොට්ලන්තයේ, එඩින්බර්ග් හී 1847 මාර්තු තුන්වැනි දින උපත ලැබුවේ කථනය පුහුණු කිරීම සම්බන්ධ ඉතිහාසයක් ඇති පවුලක ය.බෙල්ගේ පියා බාප්පා සීයා මෙන් ම සොහොයුරා ද කථනය සම්බන්ධ පර්යේෂණ කටයුතුවල නියැලී තිබේ.ඇලෙක්සැන්ඩර්ගේ මව, එලිසා ග්‍රේස් බිහිරි කාන්තාවකි.ඔහුට සොයුරන් දෙදෙනකු සිටියත් දෙදෙනාම තරුණවියේ දී ක්ෂය රෝගයෙන් මියගොස් තිබේ.

කුඩා වියේ සිට ම තමන් නව නිපැයුම්වලට රුසියකු බව බෙල් පෙන්වීය. තිරිඟු පොතු ඉවත් කරන යන්ත්‍රයක් නිපදවන විට ඔහුගේ වයස අවුරුදු දොළහකි.ඔහු කලාවට ද මහත් සේ ඇලුම් කළේය. චිත්‍රයට, සංගීතයට, කවියට බෙල් දස්කම් පෑවේ ය. මව මේ සඳහා ඔහු දිරි ගැන්නුවේ ය.මවගේ බිහිරි බව කුඩා ඇලෙක්ස්ගේ සිත රිදවූ කරුණක් විය. ඔහු ගොළු බසින් මව සමඟ කතා කිරීමට ඉගෙන ගත්තේ ය. කථනය පිළිබඳ දිගින් දිගට ම පර්යේෂණ පැවැත්වීමට මවගේ බිහිරි බව ද හේතුවක් විය.1863 දී වෙනත් නව නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනුකරණය කරමින් ඔහු සහ ඔහුගේ සහෝදරයා නිමවූ "කතාකරන ඔලූව” ඔහුගේ පියා සහ අසල්වැසියන්ගේ ප්‍රසාදයට හේතු විය. තම සුරතල් බල්ලාව විවිධ ශබ්ද නැංවීමට ඔහු පුරුදු කළේය. වයස 19 දී පියාගේ මිතුරෙකුට ලිපියක් ලියමින් ඔහු තම හඬ නැංවීමේ යාන්ත්‍රික නිර්මාණ පිළිබඳව හඳුන්වා දුනි. එමඟින් තවදුරටත් තම හැදෑරීම් ඉදිරියට ගෙනයා හැකි විය.දිගින් දිගට ම බෙල් පර්යේෂණ කටයුතුවල නිරත වුණි.

බිහිරි ළමයින් සම්බන්ධ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඔහු දුර සිටින නෙකකුට ඇමතීමට හැකි උපකරණයක් නිපද වූවේ ය. (පසුව එය ‘ටෙලිෆෝන් නමින් ලෝක ව්‍යාප්ත විය.) 1876 මාර්තු හත්වැනි දින ඔහු එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගත්තේ ය.කතා කරන විදුලි දුරකථනයට ලබාදුන් එම බලපත්‍රය තනි පුද්ගලයකුට ලබාදුන් වටිනාම බලපත්‍රය ලෙස සැලකෙයි.ඇලෙන්සැන්ඩර්, මුලින් ම කතා කළේ ‘වොට්සන්, මෙහේ එන්න. මට ඔබ අවශ්‍යයි’ යන තේරුම ඇති, ‘වොට්සන් කම් හියර්, අයි වෝන්ට් යූ’ යන වචන පෙළයි. එය අහම්බෙන්කි යවුණකි.බෙල්ගේ දුරකථනයට ලොවේ දසතින් ම ඉල්ලුමක් තිබුණි. බ්‍රසීල අධිරාජයා, පෙඩ්රෝ දුරකථන සියයක් ඇනවුම් කළේය. එකක් හැර එකක් විදුලි සටහන් ලබා ගැනීමේ ක්‍රමය ද ඔහුගේ සොයා ගැනීමකි.ඔහු නව නිපයුම්වලට කෙතරම් රුසියකු ද කිවහොත් තනි පේටන්ට් පත්‍ර 12කට ම ඔහු හිමිකම් කියයි.විශාල සරුංගල් බඳු ගුවන් යානා විශේෂ අධිවේගී බෝට්ටු ලෝහ ආරක්ෂක, විකල්ප බලශක්තීන්, තැටිගත කිරීමේ යන්ත්‍ර ආදී විවිධ විෂයය ක්ෂේත්‍රයන්ට අදාළ මූලික සොයාගැනීම් ඔහු විසින් සිදු කෙරුණි.



1877 දී බෙල් දුරකථන සමාගම ඇරැඹූ අතර ඒ සමඟම පෞද්ගලික ජීවිතයේ ද විශාල වෙනසක් සිදුවිය. ඔහු ඒ වසරේ දී තෝමස් සැන්ඩර් නම් ධනවත් ව්‍යාපාරිකයාගේ බිහිරි දියණිය මාබල් හබඩ්ගේ අත ගත්තේ ය.මාබල්, ඇලෙක්සැන්ඩර්ගෙන් කථන පුහුණුව ලද ශිෂ්‍යාවකි.ඔවුන්ට පුතුන් දෙදෙනකු සහ දියණිවරු දෙදෙනකු ඉපදුණු අතර පුතුන් ළමා වියේදී ම මිය ගියේ ය.විද්‍යා හා තාක්ෂණ ලෝකයේ මහා පෙරැළිකරු, ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් තම ශරීර සෞඛ්‍යයට වඩා සොයා ගැනීම්වලට මුල් තැන දුන් අයකි.දියවැඩියා සංකූලතා නිසා 1922 අගෝස්තු 2 වැනිදා කැනඩාවේදී මේ මහා විද්‍යාඥයා මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ පහකි.බෙල්ගේ අවමංගල්‍ය උත්සවය දිනයේ ඔහුට උපහාර වශයෙන් උතුරු අමෙරිකාවේ සියලු ම දුරකථන යන්ත්‍ර ක්‍රියා විරහිත කර තිබුණි.

මෙම දත්ත අන්තර්ජාලයෙන් සොයා නැවත සංස්කරණය  කරන ලදී.

Thorium ඉන්ධන ග්‍රෑම් 8කින් සැතපුම් මිලියනයක් - The Thorium Powered Car

මෙම කාරය මගින් සැතපුම් මිලියන ධාවනය කිරම සදහා අවශ්‍යවන්නේ thorium ග්‍රෑම් 8ක්  පමණි.මුළු ජිවිත කාලයටම ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ . Laser Power Systems නම් ආයතනයක් විසින් තෝරියම් මඟින් ධාවනය වන වාහනයක් නිපදවමින් සිටී. ඔවුන්ගේ අදහස වන්නේ පොසිල ඉන්ධන භාවිතා කරන වාහන ප්‍රතිස්ථාපනය කිරීමයි.

තෝරියම්

තෝරියම් යනු යුරේනියම් වලට සමාන ද්‍රව්‍යයකි. මේවා විශාල වශයෙන් ශක්තිය නිපදවීම සිදු කරයි. මෙයින් ග්‍රෑම් 1ක් gasoline ලීටර 28,000 කට සමාන වේ.




පාරිසරික දූෂණය පිළිබඳ අවධානය යොමු  කරන්නන්ට මේ පුවත තරමක් වැදගත් වේවි.

පුෂ්පක විමානය හෙවත් දඬු මොණරය - Ravana's Flight


ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙයට “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.



ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූන් රේනර් මහත්මිය විසින් ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග‍්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කර ඇත. ඒ භරද්වාජ ඍෂි විසින් සංස්කෘත භාෂාවෙන් ග‍්‍රන්ථාරූඪ කරන ලද ‘‘වෛමාණික ශාස්ත’’ නම් ග‍්‍රන්ථයයි.මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක‍්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවීය.



‘විමාන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලූ ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.විමාන යානාවල සුර්ය ශක්තිය ආකර්ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන්ජිම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ප‍්‍රබල ලෙස ඔපදැමූ පළිඟුවකි.

රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා උනන්දු ඇතිවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය කළ හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ තතු සෙවීම බොහෝ දෙනාගේ ප‍්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම ‘මර්කරි වෝටෙක්ස්’ එන්ජිම (Mercury Vortex Engine) ලෙස හැඳින්වුණි.
එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය.

ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.

එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.


එමෙන්ම  උස්සන්ගොඩ ද රාවණා රජුගේ දඬු මොණරය ගෙඩබැස්සු ගුවන් පථයක් වන්නට පුළුවන්.අදටත් මේ උස්සන්ගොඩ .තැනිතලාවේ දකින්න තිබෙන්නේ රතු පාට පස්, පිළිස්සුණා වගේ පෙනෙන ගල් කැබලි හැදිලා තිබෙන්නේ රාවණ රජුගේ දඩුමොණරය ගොඩබැස්සු නිසා විය හැක.

එමෙන්ම පිදුරංගල  උඩින්  රාවනා රජ්ජුරුවන්ගේ දඬු මොනරය අහසට නැග්ගුවේ කියා ද මතයක් තිබෙනවා.පිදුරංගල පින්තුරයක් බැලුවොත් පේනේනවා ගුවන් යානයක් දියත් කිරීමට සුදුසු ආනතියක් හා  අංශක  45 ක බෑවුමක් ස්ථානයක් එයත් එක සාදකයක්.
එමෙන්ම තවත් බොහෝ සාදක ඇත.
මෙය අනතර්ජලයෙන් උපුටාගෙන සංස්කරණය කර ඇත.

ලොව විශාලතම භාණ්ඩ නෞකාව..- World's Biggest Ship


ලෝකය 21 වන සියවසට පාතබන මේ මොහොතේ විද්‍යාවේ තාක්ෂණික දියුණුවත් සමග විවිධ වූ අත්හදා බැලීම් තුළින් ජපානයේ සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද ලොව ලොකුම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ නෞකාව ගිනස් වාර්තා පොතට ඇතුළු වූ අතර එම ගෞරවය ජපානයට හිමි විය.මෙම නෞකාව හඳුන්වනු ලැබුවේ ජාන්රේ වයිකිං (Janre Viking)  නමින්වූ අතර දිග මීටර් 485.45 (අඩි 1504 ක් විය.) ක්ද පළල මීටර් 68.8 (අඩි. 226) වූවා මෙන්ම නැවේ ජලයෙන් යට වූ කොටස මීටර් 24.61 (අඩි 88 අඟල් 9) වීමෙන් නැවේ මුළු උස මීටර් 30 ක් වේ. එමෙන්ම මුළු බර භාණ්ඩ සමග ටොන් 564763 ක් වූ අතර භාණ්ඩ නොමැතිව බර ටොන් 260 857 කින් සමන්විත වේ.මෙම නැව පළමු නිෂ්පාදනයේදී දැනට පවතින තත්ත්වයට විශාල නොවූ අතර එහි මුළු බර ටොන් 4,80000 ක් විය. මෙම නෞකාව 1975 දී ජපානයේ සුට්ටොමෝහිදී නිෂ්පාදනය කළ අතර මුල් නම වූයේ සිවයිස් ජයන්ට් ය(SEAWISE GIANT).  ප‍්‍රථමයෙන් නිෂ්පාදනය කළ සමාගම ඉන් වසර 03 කට පසු ජපානයේම නිපෝන් කෝකාන් (NIPPON KOKAN) නම් සමාගමට විකුණු අතර ඔවුන් නැව අලුත් වැඩියා කරමින් නෞකාවට තවත් කොටසක් එකතු කරමින් ලොව විශාලම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව බවට පත් කළ අතර එහි මුළු දිග මීටර් 485.45 ක් විය.





මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන් විත විය. ඉන් අනතුරුව 1981 දී සිවයිස් ජයන්ට්  නමින් දියත් කරන ලදී. ඉරාන ඉරාක යුද්ධයේදී 1988 මැයි 14 වන දින මෙම නැව ඉරාන ප‍්‍රහාරයට ලක්වීමෙන් විනාශ විය. ඒ වනවිට මෙම නැවට තෙල් ඝන මීටර් 6,50,000 ක්පුරවා (බැරල් මිලියන 4.1) පැටවීමෙන් මෙමගින් ප‍්‍රවාහනය කිරීමට හැකියාව ඇත.ඉරාන ඉරාක යුද්ධ අවසානයේ දී මෙම නෞකාව නෝර්ජියානු සමාගමක් විසින් මිල දී ගැනීමෙන් පසු සිංගප්පූරුවට ගෙනගොස් අලුත්වැඩියා කර 1991 ක වසරේ ඔක්තෝම්බර් මස හැපී ජයන්ට් (Happy Giant)නම් වූ අලුත් නමකින් ප‍්‍රවාහන කටයුතු ආරම්භ කරන ලදී. ඉන්පසු මෙම නෞකාව ජෝර්දාන් ජාහ්රේට සමාගමට ඩොලර් මිලියන 39 කට විකුණනු ලැබූහ. එතැන් පටන් මෙම නෞකාව ‘ජාහ්රේ වයිකිං’ නමින් නම් කෙරින. දැන් මෙම නෞකාව ජෝර්දාන් සමාගමක් මගින් පාලනය කරනු ලබයි.

විශ්වයේ ගවේෂණ දුරේක්‍ෂ තොරතුරු .. - Awesome Telescope


ඉතා ඈතින් පිහිටි වස්තුවක් ළංකර පෙන්වීමට දුරේක්‍ෂ භාවිතා කරනවා. දුරේක්‍ෂයක් මගින් ඉතා ඈතින් පිහිටි වස්තුවක් විශාල කර දැක ගැනීමට හැකියාව ලැබෙනවා. දුරේක්‍ෂ භාවිතයෙන් තාරකා විද්‍යාඥයින්ට දහස් ගණනක් තාරකා, චන්ද්‍රයින් සහ විශ්වයේ පවතින කළු කුහර වැනි බොහෝ දේවල් පිළිබඳව සොයා ගැනීමට හැකි වී තිබෙනවා.වෘත්තියෙන් ඇස්කණ්ණාඩි සාදන්නකු වූ ඕලන්ද ජාතික හැන්ස් ලිපර්ෂි විසින් වර්ෂ 1608 දී ප‍්‍රථම දුරේක්‍ෂය නිපදවා තිබෙනවා. මෙය දුරේක්‍ෂයකට වඩා දුර දක්නයකට සමාන වුණා. ඉන්පසු 1668 දී ගැලීලියෝ ගැලිලි විසින් දුරේක්‍ෂයක් නිපද වූ අතර ඒ ආධාරයෙන් ඔහුට සඳෙහි ආවාට, සූර්ය ලප සහ බ‍්‍රහස්පතිගේ ප‍්‍රධාන චන්ද්‍රයින් සතර දෙනාව ද සොයාගැනීමට හැකි වුණා. ඉන්පසු සර් අයිසැක් නිව්ටන් විසින් ගැලීලියෝ ගේ දුරේක්‍ෂයටත් වඩා සාර්ථක දුරේක්‍ෂයක් නිපදවීමට සමත් වුණා. එතෙක් දුරේක්‍ෂවලට යොදා ගැනුණු කාච දෙක වෙනුවට එක් කාචයක් සහ අවතල දර්පණයක් භාවිතා කරමින් එම දුරේක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. වර්තමානයේ භාවිතා කෙරෙන විශාල දුරේක්‍ෂ බොහොමයක් නිව්ටන් ගේ මෙම මූලධර්මය පදනම් කරගෙන තනා තිබෙනවා.දුරේක්‍ෂ අතරින් ඉතා බහුලව භාවිතා කෙරෙන දුරේක්‍ෂය දෘශ්‍ය දුරේක්‍ෂ යනුවෙන් හඳුන්වනවා. එහෙත් වර්තමානයේ එයට වඩා බොහෝ දියුණු X කිරණ දුරේක්‍ෂ, අධෝරක්ත දුරේක්‍ෂ, රේඩියෝ දුරේක්‍ෂ වැනි උපකරණ විශ්වයේ රහස් සෙවීමට යොදා ගනු ලබනවා.
ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය

ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය


 සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය

සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය
X කිරණ දුරේක්‍ෂ

X කිරණ දුරේක්‍ෂ

රේඩියෝ දුරේක්‍ෂ

රේඩියෝ දුරේක්‍ෂ


දුරේක්‍ෂයක කි‍්‍රයාකාරිත්වයදුරේක්‍ෂ පරාවර්තන සහ වර්තන යනුවෙන් වර්ග දෙකකින් යුක්ත වෙනවා. මේ අතරින් වර්තන දුරේක්‍ෂය සඳහා කාච දෙකක් භාවිතා කර තිබෙනවා. එක් කාචයක් මගින් ඈතින් පිහිටි වස්තුවේ සිට එන ආලෝක කිරණ එක්කර එහි ප‍්‍රතිබිම්බයක් නිර්මාණය කරන අතර අනෙක් කාචය මගින් එම ප‍්‍රතිබිම්බය විශාල කර ඇස වෙත යොමු කරනු ලබනවා. වස්තුවේ ප‍්‍රතිබිම්බය සාදන කාචය අවනෙත ලෙසත්, එය විශාල කර ඇසට යොමු කරන කාචය උපනෙත ලෙසත් හඳුන්වනවා. නමුත් මෙම දුරේක්‍ෂවල යම් යම් දුර්වලතාවයන් දක්නට ලැබෙනවා.

පරාවර්තක දුරේක්‍ෂ වර්තන දුරේක්‍ෂ වලදී ඈත පිහිටි වස්තුවෙන් එන ආලෝකය එකතු කිරීමට භාවිතා කළ අවනෙත වෙනුවට මෙහිදී විශාල වක‍්‍ර දර්පණයක් භාවිතා කර බෙනවා. මෙය දුරේක්‍ෂ නාලයේ කෙළවරේම තබා ඇති අතර ඈත වස්තුවකින් එන ආලෝකය ඒ මත වැටී ඉන් පරාවර්තනය වී නලයේ ඉහළ කෙළවරේ තබා ඇති කුඩා තල දර්පණයක් (සාමාන්‍ය කණ්ණාඩියක්) හාරහා උපනෙත වෙතට යොමු කෙරෙනවා. මෙහිදී ඇසින් නරඹනවා වෙනුවට එහි ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. විශ්වයේ තොරතුරු සෙවීමට යොදා ගන්නා දෘශ්‍ය දුරේක්‍ෂ පරාවර්තක දුරේක්‍ෂ වර්ගයට අයත් වෙනවා.පරාවර්තක දුරේක්‍ෂවලටම අයත් තවත් දුරේක්‍ෂ වර්ගයක් ලෙස කැසිග්‍රෙන් දුරේක්‍ෂ පෙන්වා දිය හැකියි. 1672 දී නිපද වූ මෙහි කි‍්‍රයාකාරිත්වය ඉහතින් සඳහන් කළ නිව්ටන් ගේ දුරේක්‍ෂයට වඩා මඳක් වෙනස් ආකාරයක් ගෙන තිබෙනවා. ඉතා පුළුල් පරාසයක සිට පැමිණෙන ආලෝක කිරණ උත්තල දර්පණයක් මගින් තවත් ද්විතීක දර්පණයකට යොමු කෙරෙනවා. එයින් පරාවර්තන වන ආලෝක කිරණ උත්තල දර්පණයේ ඇති සිදුරු තුළින් උපනෙත වෙත යොමු කෙරෙනවා.
රේඩියෝ දුරේක්‍ෂ    ප‍්‍රමාණවත් තරම් දෘශ්‍ය ආලෝකයක් පිට නොකරන අභ්‍යාවකාශ වස්තූන් පිළිබඳ අධ්‍යයනය කිරීමට රේඩියෝ දුරේක්‍ෂ යොදාගනු ලබනවා. රේඩියෝ තරංග නිකුත් කරන සමහර ග‍්‍රහලෝක චක‍්‍රාවාට සහ තරු වැනි වස්තූන් වලින් එන සංඥා එක්රැස් කර එමගින් ඒවා පිළිබඳ තොරතුරු සොයා ගැනීමට රේඩියෝ දුරේක්‍ෂ මගින් හැකියාව ලැබෙනවා.විශාල වක‍්‍ර වූ තැටියක් මගින් ලබාගන්නා එම සංඥා එක් රැස් කර ඒවා විදුලි තරංග බවට පත්කරනු ලබනවා. එම විදුලි තරංග යම්කිසි ග‍්‍රාහකයකට (පරිගණක වැනි) ලබාගැනීමෙන් පසුව ඒවා පිළිබඳ අධ්‍යයනය කරනවා.

X  කිරණ දුරේක්‍ෂ විශ්වයේ ඇති අධික උෂ්ණත්වයකින් යුත්සමහර වස්තූන්ගේ අභ්‍යන්තර කි‍්‍රයාවලීන් වල දී X කිිරණ පිට කරනු ලබනවා. මිනිස් ඇසට හසු නොවන තරමේ අධික ප‍්‍රබලත්වයකින් යුත් මෙම කිරණ හසුකර ගැනීමට X කිරණ දුරේක්‍ෂ භාවිතා කරනවා. නමුත් X කිරණ වලට පෘථිවි වායුගෝලය හරහා පැමිණිය නොහැකි බැවින් මේ ආකාරයේ දුරේක්‍ෂ අභ්‍යාවකාශයේ යම් තැනක නවතා තැබිය යුතු වෙනවා.සාමාන්‍ය දෘශ්‍ය ආලෝකය හසුකර ගන්නා දර්පණ තැටි ආකාරයක හැඩයෙන් යුක්ත වුවත්, ඒවායින් X කිරණ අවශෝෂණය කර ගත නොහැකියි. ඒ නිසා එවැනි දුරේක්‍ෂවලට බැරල් හැඩැති දර්පණ භාවිතා කරනවා. මේවායින් එකතු කර ගන්නා X කිරණ නාභි ගත වීමෙන් සෑදෙන ප‍්‍රතිබ්ම්බය ඇසට නොපෙනෙන තරම් කුඩා බැවින් විභේදන බලය වැඩි සූක්‍ෂම කැමරා ආධාරයෙන් ඒවා විශාල කර අධ්‍යයනය කරනු ලබනවා.සාමාන්‍ය දුරේක්‍ෂ වලට හසු කරගත නොහැකි නියුටෙ‍්‍රීන තරු, කළු කුහර වැනි ශක්තියෙන් අධික ඒවා X කිරණ දුරේක්‍ෂ මගින් හසුකර ගැනීමට හැකියාව තිබෙනවා.

හබල් අභ්‍යාවකාශ දුරේක්‍ෂයවිශ්වයේ ඇති බිලියන ගණනක් වූ අභ්‍යාවකාශ වස්තූන් නැරඹිය හැකි නිරීක්‍ෂණාගාර පෘථිවියේ යම් යම් ස්ථානවල පිහිටුවා ඇති බව ඔබ අසා ඇති. එම නිරීක්‍ෂණාගාර වල සවිකර ඇති ප‍්‍රබල දුරේක්‍ෂ මගින් තාරකා, ග‍්‍රහලෝක, මන්දාකිණි වැනි ඒවායේ තොරතුරු අධ්‍යයනය කිරීමට හැකියාව තිබෙනවා.නමුත් විශ්වයේ ඈත සිට පැමිණෙන වස්තූන්ගේ ආලොක කිරණ පෘථිවි වායුගොලය හරහා පැමිණීමේදී ඒවායින් ලැබෙන ප‍්‍රතිබිම්බ අපැහැදිළි බවක් ගන්නවා. මේ නිසා මෙම බාධක මඟහැරවීමට අභ්‍යාවකාශයේ රැඳවූ දුරේක්‍ෂයක් මගින් විශ්වය නැරඹීමට විද්‍යාඥයින් උනන්දු වුණා.අභ්‍යාවකාශ දුරේක්‍ෂ පිළිබඳ මුල්ම අදහස 1926 දී ආචාර්ය ලයිසන් ස්පිට්සර් විසින් ඉදිරිපත් කර තිබුණ මුත් 1957 වන තුරු එකම යානාවක් අභ්‍යාවකාශ ගත කර තිබුණේ නැහැ. 1975 දී නාසා ආයතනයත්, යුරෝපීය අභ්‍යාවකාශ ආයතනයත් එක් වී අභ්‍යාවකාශ දුරේක්‍ෂයක් නිපදවීමේ කටයුතු ආරම්භ කළ අතර 1980 දී එහි වැඩ නිම කිරීමටත් ඔවුන්ට හැකි වුණා. මහා පිපිරුම් න්‍යාය සනාථ කිරීමට විශ්වයේ ප‍්‍රසාරණ සිද්ධාන්තය ගෙන හැර පෑ එඩ්වින් හබල් නම් විද්‍යාඥයාට ගරු කිරීම පිණිස මෙම දුරේක්‍ෂ හබල් දුරේක්‍ෂය යනුවෙන් නම් කර වර්ෂ 1990 දී අභ්‍යාවකාශ ගත කරනු ලැබුවා. මෙහි සවිකර ඇති විවිධ වර්ගයේ කාචවලට දෘශ්‍ය ආලෝක කිරණ පමණක් නොව අධෝරක්ත, පාරජම්බුල වැනි කිරණ වර්ග ද හඳුනාගැනීමට හැකියාව තිබෙනවා.පැයට කි. මී. 28,000 ක වේගයෙන් මෙම දුරේක්‍ෂය එය පිහිටුවා ඇති කක්‍ෂය වටා ගමන් ගන්නවා. දුරේක්‍ෂයක් ලෙස පමණක් නොව අභ්‍යාවකාශ යානයක් ලෙස ද කි‍්‍රයාකරන මෙය අවුරුද්දක් තුළ දී සැතපුම් මිලියන 150 කට වැඩි දුරක් ගමන් කරනවා.
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය

ග්‍රහලෝක නිරීක්ෂණය කරණ ස්පිට්සර්  (Spitzer) අභ්‍යාවකාශ දුරේක්ෂය

ස්වීඩනයේ පිහිටා ඇති Swedish 1-m සූර්යය නිරීක්ෂණාගාරය
 - මංජුල දිසානායක -

රොබෝ මිනිසා බිහි වීම - A Brief History of Robotics


ඉකේඩා ගේ අණට අනුව රොබෝ සතා බිත්තිය දිගේ ඉහළට ගමන් කරයි. නැවතත් පහළට බසියි. පොළොව මත පා තබමින් ගමන් කරන විට ඔහු අමුතු ශබ්දයක් නංවයි. ඉකේඩා සේවය කරන යාන්ති‍්‍රක ඉන්ජිනේරු විද්‍යාගාරයේ අය මෙම රොබෝ සතා දෙස කුතුහලයෙන් බලා සිටිති.ඒ සිදු වූයේ අන් කිසිවක් නොව රොබෝවරුන්ගේ තෙවැනි පරම්පරාව බිහිකිරීම සඳහා ජපන් ජාතිකයන් ගත් උත්සාහයක ප‍්‍රතිඵලයකි.රොබෝවරු ගැන කතා කිරීමේදී පළමු පරම්පරාව පිළිබඳ ඇතිවන්නේ ප‍්‍රාථමික හැඟීමකි. පළමු පරම්පරාවේ රොබෝවරු කිසියම් එක් චාලක හැකියාවක් පමණක් දැක් වූ අතර ඔවුන් එම චලනය පුන පුනා සිදු කරමින් තම කාර්යයේ නිරත විය.එහෙත් දෙවැනි පරම්පරාවේ රොබෝවරු පෙර පරම්පරාවට වඩා තරමක් ඉදිරියෙන් සිටිය ද ඔවුනට ඇවිද යාමේ හැකියාවක් නොතිබුණි. එහෙත් කාර්යක්‍ෂමව තම වැඩය නිම කිරීමට ඔවුන් වගබලා ගත්තේය.තෙවැනි පරම් පරාවේ රෙබෝවරු ඉතාමත් කාර්යක්‍ෂම වූ අතර ඔවුන් මිනිසා මෙන් ඇවිද යාමට දක්‍ෂ විය.මේ පිළිබඳව වර්ෂ අටක දිගුකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ අන්තර්ජාතික වෙළෙඳාම් හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය විසින් බිලියන 20 ක මුදලක් වැයකරන ලදී. මේ සඳහා ටෝකියෝ හි සංස්ථා 19 ක් ද පර්යේක්‍ෂකයින් රැසක් ද යාන්ත‍්‍ර ඉංජිනේරු විද්‍යාගාරයේ රොබෝ තාක්‍ෂණඥයින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. රොබෝවරුන්ගේ සරළ කි‍්‍රයාකාරිත්වය මෙසේය. ඔවුනට සූක්‍ෂම දෘෂ්ඨි සංවේදනය ලබාදීම සඳහා බාහුවට සම්බන්ධ කෙරුණු කුඩා කැමරාවක් භාවිතයට ගැනුණි.


එහි මැවෙන රූප පරිගණක යන්ත‍්‍රයක් මගින් නිරීක්‍ෂණය කරනු ලබන අතර එම රූප කළු සුදු වර්ණයන්ගෙන් යුක්ත විය. තවද දෘෂ්ඨිය පමණක් නොව යමක් ග‍්‍රහනය කිරීමට ඇති හැකියාව ද තෙවැනි පරම්පරාවේ රොබෝවරයකුට තිබිය යුතු යැයි එහි නිර්මාණ කරුවෝ සිතූහ. මුලින් එසේ ග‍්‍රාහක හැකියාව යොදා ගත් රොබෝවරුන්ට සමතල පෘෂ්ඨයක් ග‍්‍රහනය කළ ද වක‍්‍ර පෘෂ්ඨයක් ග‍්‍රහනය කිරීමට නොහැකි විය.එහෙත් 1984 දී හිටාචි හි යාන්ත‍්‍ර ඉංජිනේරු පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයකු විසින් ඇඟිලි තුනකින් යුතු රොබෝවරයකු නිපදවීමත් සමඟම රොබෝ මිනිසාට වක‍්‍ර පෘෂ්ඨ සහිත වස්තූන් ග‍්‍රහනය කිරීමේ හැකියාව ලැබුණි. මුලින් රොබෝවරු අත් ඇඟිලි කි‍්‍රයාකරවන විට විශාල විදුලි මෝටරයක් මහත් ශබ්දයෙන් කි‍්‍රයාත්මක විය. නමුත් නව සොයාගැනීමත් සමඟ කුඩා විද්‍යුත් දහරාවක් මගින් කි‍්‍රයාත්මක වන රැහැන් ඒ සඳහා උපයෝගී කර ගැනුනි. මුල් අවදියේදී රොබෝවරුගේ අතැඟිලි අධික තාපයකට ලක් විය. එබැවින් ඒවා කාර්යක්‍ෂමතාවයෙන් අවම විය. නමුත් පසුව ගත් විවිධ උත්සාහයන් මගින් එම දුර්වලතාවය ද අවම කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.මෙසේ කළක් ගතවන විට සතුන්ගේ විවිධ අංග උපාංග වලට අනුරූපීව රොබෝවරු බිහිවිය. අලියාගේ හොඬවැල, සර්පයන්ගේ චලනය ආදිය මේ අතර වැදගත් තැනක් ගත්හ. මෙහිදී ජනපි‍්‍රයම තත්ත්වයක් හිමි කර ගත්තේ මකුළුවකුගේ හැඩය ලබා ගත් රොබෝය. ඔහුට ඔබමොබ සැරිසැරීමට මෙන්ම විදුලි සෝපානයෙන් නැග ඉහළට ගමන් කිරීමට ද හැකි විය.කාලයත් සමඟම ජපානයේ රොබෝවරුන්ගේ අවශ්‍යතාවය වැඩි විය. එවිට පෙර කී රොබෝවරුන්ගේ කි‍්‍රයාකිරීමේ හැකියාව ද අඩු බව සනාථ විය.




එම නිසා ජපාන රොබෝ නිපදවන්නකු වන කුතිකට්සුටකාසේ නම් පුද්ගලයා පරිගණක සංඥාවලට නොව මිනිස් සංඥාවලට කි‍්‍රයාකරන රොබෝවරයකු නිපදවීමට සැලසුම් කළහ.ශීඝ‍්‍රයෙන් රොබෝවරුන්ගේ බිහිවීම වැඩි විය.  විද්‍යුත් උපකරණ නිෂ්පාදනය, මුහුදු පත්ල ගවේෂණය, න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරක නඩත්තු කිරීම ආදිය සඳහා රොබෝවරු යොදා ගැනිනි.කෙසේ වෙතත් රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් පෙරළමින් 1973 දී  WABOT - 1 නම් රොබෝ බිහිවිය. මොහුට මිනිසා මෙන් කරට කර වැඩ කර ගත හැකි අතර ඉන් අනතුරු 1984 දී  WABOT - 2 බිහිවිය. මොහුට සංගීතඥයකුට මෙන් ඕගනය වාදනය කළ හැකි විය.  WABOT - 1 හා WABOT - 2 නිපදවනු ලැබුවේ ඉච්රොකාටෝ නම් විද්‍යාඥයාය. අද වන විට රොබෝ තාක්‍ෂණය උපරිම ස්ථානයකට පත්ව ඇත. ගිනි නිවන හමුදාවට, අජටාකාෂ ගමන්වලට වර්තමානයේ රෝබෝ යොදා ගෙන ඇත්තේ තාක්‍ෂණයේ දියුණුව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමිනි.
WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

 - ශෂිකා ලක්මාලි පෙරේරා -