රොබෝ මිනිසා බිහි වීම - A Brief History of Robotics


ඉකේඩා ගේ අණට අනුව රොබෝ සතා බිත්තිය දිගේ ඉහළට ගමන් කරයි. නැවතත් පහළට බසියි. පොළොව මත පා තබමින් ගමන් කරන විට ඔහු අමුතු ශබ්දයක් නංවයි. ඉකේඩා සේවය කරන යාන්ති‍්‍රක ඉන්ජිනේරු විද්‍යාගාරයේ අය මෙම රොබෝ සතා දෙස කුතුහලයෙන් බලා සිටිති.ඒ සිදු වූයේ අන් කිසිවක් නොව රොබෝවරුන්ගේ තෙවැනි පරම්පරාව බිහිකිරීම සඳහා ජපන් ජාතිකයන් ගත් උත්සාහයක ප‍්‍රතිඵලයකි.රොබෝවරු ගැන කතා කිරීමේදී පළමු පරම්පරාව පිළිබඳ ඇතිවන්නේ ප‍්‍රාථමික හැඟීමකි. පළමු පරම්පරාවේ රොබෝවරු කිසියම් එක් චාලක හැකියාවක් පමණක් දැක් වූ අතර ඔවුන් එම චලනය පුන පුනා සිදු කරමින් තම කාර්යයේ නිරත විය.එහෙත් දෙවැනි පරම්පරාවේ රොබෝවරු පෙර පරම්පරාවට වඩා තරමක් ඉදිරියෙන් සිටිය ද ඔවුනට ඇවිද යාමේ හැකියාවක් නොතිබුණි. එහෙත් කාර්යක්‍ෂමව තම වැඩය නිම කිරීමට ඔවුන් වගබලා ගත්තේය.තෙවැනි පරම් පරාවේ රෙබෝවරු ඉතාමත් කාර්යක්‍ෂම වූ අතර ඔවුන් මිනිසා මෙන් ඇවිද යාමට දක්‍ෂ විය.මේ පිළිබඳව වර්ෂ අටක දිගුකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ අන්තර්ජාතික වෙළෙඳාම් හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය විසින් බිලියන 20 ක මුදලක් වැයකරන ලදී. මේ සඳහා ටෝකියෝ හි සංස්ථා 19 ක් ද පර්යේක්‍ෂකයින් රැසක් ද යාන්ත‍්‍ර ඉංජිනේරු විද්‍යාගාරයේ රොබෝ තාක්‍ෂණඥයින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. රොබෝවරුන්ගේ සරළ කි‍්‍රයාකාරිත්වය මෙසේය. ඔවුනට සූක්‍ෂම දෘෂ්ඨි සංවේදනය ලබාදීම සඳහා බාහුවට සම්බන්ධ කෙරුණු කුඩා කැමරාවක් භාවිතයට ගැනුණි.


එහි මැවෙන රූප පරිගණක යන්ත‍්‍රයක් මගින් නිරීක්‍ෂණය කරනු ලබන අතර එම රූප කළු සුදු වර්ණයන්ගෙන් යුක්ත විය. තවද දෘෂ්ඨිය පමණක් නොව යමක් ග‍්‍රහනය කිරීමට ඇති හැකියාව ද තෙවැනි පරම්පරාවේ රොබෝවරයකුට තිබිය යුතු යැයි එහි නිර්මාණ කරුවෝ සිතූහ. මුලින් එසේ ග‍්‍රාහක හැකියාව යොදා ගත් රොබෝවරුන්ට සමතල පෘෂ්ඨයක් ග‍්‍රහනය කළ ද වක‍්‍ර පෘෂ්ඨයක් ග‍්‍රහනය කිරීමට නොහැකි විය.එහෙත් 1984 දී හිටාචි හි යාන්ත‍්‍ර ඉංජිනේරු පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයකු විසින් ඇඟිලි තුනකින් යුතු රොබෝවරයකු නිපදවීමත් සමඟම රොබෝ මිනිසාට වක‍්‍ර පෘෂ්ඨ සහිත වස්තූන් ග‍්‍රහනය කිරීමේ හැකියාව ලැබුණි. මුලින් රොබෝවරු අත් ඇඟිලි කි‍්‍රයාකරවන විට විශාල විදුලි මෝටරයක් මහත් ශබ්දයෙන් කි‍්‍රයාත්මක විය. නමුත් නව සොයාගැනීමත් සමඟ කුඩා විද්‍යුත් දහරාවක් මගින් කි‍්‍රයාත්මක වන රැහැන් ඒ සඳහා උපයෝගී කර ගැනුනි. මුල් අවදියේදී රොබෝවරුගේ අතැඟිලි අධික තාපයකට ලක් විය. එබැවින් ඒවා කාර්යක්‍ෂමතාවයෙන් අවම විය. නමුත් පසුව ගත් විවිධ උත්සාහයන් මගින් එම දුර්වලතාවය ද අවම කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.මෙසේ කළක් ගතවන විට සතුන්ගේ විවිධ අංග උපාංග වලට අනුරූපීව රොබෝවරු බිහිවිය. අලියාගේ හොඬවැල, සර්පයන්ගේ චලනය ආදිය මේ අතර වැදගත් තැනක් ගත්හ. මෙහිදී ජනපි‍්‍රයම තත්ත්වයක් හිමි කර ගත්තේ මකුළුවකුගේ හැඩය ලබා ගත් රොබෝය. ඔහුට ඔබමොබ සැරිසැරීමට මෙන්ම විදුලි සෝපානයෙන් නැග ඉහළට ගමන් කිරීමට ද හැකි විය.කාලයත් සමඟම ජපානයේ රොබෝවරුන්ගේ අවශ්‍යතාවය වැඩි විය. එවිට පෙර කී රොබෝවරුන්ගේ කි‍්‍රයාකිරීමේ හැකියාව ද අඩු බව සනාථ විය.




එම නිසා ජපාන රොබෝ නිපදවන්නකු වන කුතිකට්සුටකාසේ නම් පුද්ගලයා පරිගණක සංඥාවලට නොව මිනිස් සංඥාවලට කි‍්‍රයාකරන රොබෝවරයකු නිපදවීමට සැලසුම් කළහ.ශීඝ‍්‍රයෙන් රොබෝවරුන්ගේ බිහිවීම වැඩි විය.  විද්‍යුත් උපකරණ නිෂ්පාදනය, මුහුදු පත්ල ගවේෂණය, න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරක නඩත්තු කිරීම ආදිය සඳහා රොබෝවරු යොදා ගැනිනි.කෙසේ වෙතත් රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් පෙරළමින් 1973 දී  WABOT - 1 නම් රොබෝ බිහිවිය. මොහුට මිනිසා මෙන් කරට කර වැඩ කර ගත හැකි අතර ඉන් අනතුරු 1984 දී  WABOT - 2 බිහිවිය. මොහුට සංගීතඥයකුට මෙන් ඕගනය වාදනය කළ හැකි විය.  WABOT - 1 හා WABOT - 2 නිපදවනු ලැබුවේ ඉච්රොකාටෝ නම් විද්‍යාඥයාය. අද වන විට රොබෝ තාක්‍ෂණය උපරිම ස්ථානයකට පත්ව ඇත. ගිනි නිවන හමුදාවට, අජටාකාෂ ගමන්වලට වර්තමානයේ රෝබෝ යොදා ගෙන ඇත්තේ තාක්‍ෂණයේ දියුණුව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමිනි.
WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

 - ශෂිකා ලක්මාලි පෙරේරා -

0 comments:

Post a Comment