ඔබාමාගේ මේ ආරක්ෂකයා පිටසක්වල ජීවියෙක් ද? - Obama and the guardian of alien?



ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ආරක්ෂක සේවයට අනුයුක්තව කටයුතු කරන විශ්මිත පුද්ගලයකු පිළිබද විදෙස් මාධ්‍ය මේවන විට සොයමින් සිටි. තවමත් නිශ්චිතව හෙළිකර ගැනීමට නොහැකි වූ  එම සිදුවීමේ මුලාරම්භය වුයේ 2012 වර්ෂයයි. 2012 වර්ෂයේ එක දිනක ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා වොෂින්ටන් නුවර සභාවක් මධයේ කතාවක් පවත්වමින් සිටියේය. ඔබාමා සිය කතාව පවත්වන අතරතුරදී ඔහුගේ ආරක්ෂකයන් ද ඇතුළුව රැස්වී සිටි සියල්ලෝම නිසොල්මන්ව ඔබාමාගේ කතාවට සාවධානව ඇහුම්කන් දෙමින් සිටියහ.එහෙත් සියල්ලෝම නිහඩව නිසොල්මන්ව සිටි එම සභා ගර්භයේ ඔබාමාගේ එක් ආරක්ෂක නිලධාරියකුගේ හැසිරීම රැස්වී සිටි අයගෙන් දුන්නේ තරමක් මවිතයකි.


ඔබාමා කතාව පවත්වන අතරතුර ඔහු සිය මුහුණේ විවිධ හැගීම් මතුකළ අතර අත් පාවලින් විවිධ කලබලකාරී ඉරියව් පෙන්නුම් කළේය.රැස්වසිටි සියල්ලන්ම ඔහුදෙස නැවත නැවතත් විපරමින් බලු අතර ඔබාමා කිසිවක් නොදුටුවා සේ සිය කතාව  කරමින් ගියේය.

මේ අද්භූත මිනිසාගේ අසාමාන්‍ය හැසිරීම් රටාව දුටුවද කිසිදු කෝපයක් නොගෙන නොදුටුවා සේ සිය කතාව සිදු කරන බැරක් ඔබාමා දෙස මාධ්‍යවේදීන් ද බලාසිටියේ විස්මයෙනි.එම අවස්ථාවේ හටගත් කුතුහලය නිසාම ඒ අවට රැස්වී සිටි මාධ්‍යවේදීහු කිසිවෙකුටත් නොදනිම සුක්ෂම ලෙස මෙම අසාමාන්‍ය චරිතයක් සහ හැසිරීම් රටාවක් ඇති ඔබාමාගේ ආරක්ෂකයා දෙස සෝදිසියෙන් සිටියහ.





විටෙක ඔහු සාමාන්‍ය පුද්ගලයකු ලෙස සිටීමට වැයම් කල අතර ක්ෂණිකව ඔහුගේ ඉරියව් වෙනස්වී ඔහු මුහුණ,අත් පා ,මගින් විවිධ අසාමාන්‍ය ඉරියව් මතුකරන අයුරු පිළිබද සියල්ලෝම මවිත වී බල සිටියෝය.ඔහුගේ සෑම හැසිරිමක්ම වුයේ තියුණු වේගවත් බවකි.

වෙනස් වූ චර්යා රටාවකින් එහි සිටි එම සක සහිත පුද්ගලයාගේ ශරීර ස්වභාවය පිලිබදව ද මාධ්‍යවේදීහු අවධානය යොමුකළහ. ඔහුගේ හිස සාමාන්‍ය පුද්ගලයකුට වැඩ දිගටිය.නිකට සාමාන්‍ය මිනිසෙකුට වඩා අසාමාන්‍ය ලෙස උල්ය.සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් හැසිරීම් රටාවකින් සමන්විත හෙතම ඉතාමත් වේගවත් හැසිරීම් රටාවකින් සමන්විත අයෙක් විය.බැලුබෙල්මට සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ සේ වෙනස් වූ බැරක් ඔබාමාගේ එම ගුප්ත ආරක්ෂකයා පෙනුමෙන් සම්පුර්ණයෙන්ම පිටසක්වල ජීවියකුගේ ලක්ෂණවලින් සමන්විත විය.එදින ඔබාමාගේ කතාව අතරතුර එම පුද්ගලයා කෙරෙහි නිහඩ අධ්‍යනයක නිරත වූ මාධ්‍යවේදීන්ගේ අවසන් නිගමනය වුයේ ඔහු ඒකාන්තයෙන්ම පිටසක්වල ජීවියකු බවයි.

උපුටා ගැනීම මව්බිම පුවත් පත.

0 comments:

Post a Comment