මොළයේ සතුට උපදින ස්ථානය උත්තේජනය කෙරෙන බව සොයාගෙන ඇත.


නව වචන ඉගෙන ගනිද්දී මොළයේ සතුට උපදින ස්ථානය උත්තේජනය කෙරෙන බව නව අධ්‍යනයකින් සොයාගෙන තිබේ.
බාසිලෝනාහි බෙල්විටාජ් ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනය හා ඔටෝ වොන් ගෙරික් විශ්වවිද්‍යාලයේ ස්පාඤ්ඤ හා ජර්මානු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම අධ්‍යනය සිදුකර ඇත.
පැණිරස ආහාර, ලිංගික හැසිරීම් හෝ මත්ද්‍රව්‍ය ගන්නා විට මොළයේ වෙන්ට‍්‍රල් ස්ටි‍්‍රයේටම් නම් කොටස උත්තේජනය වන බව මින් පෙර හෙළිවී තිබිණි.
නව භාෂාවක් ඉගෙනගන්නා විට නියුරෝන අතර සම්බන්ධතාවයන් ප‍්‍රමාණය වැඩිවන බව විද්‍යාඥයින් විසින් උපකල්පනය කරන ලද නමුත් එය හැගීම් වලට බලපාන ආකාරය තහවුරු කර නොතිබිණි.
පර්යේෂක ඇන්ටොනි රොඞ්රිග්වේස් ෆෝනෙල්ස් පවසා ඇත්තේ නව භාෂාවක් ඉගෙනගැනීම හා සතුට ඉපදවීම අතර සබඳතාවය සොයාගැනීම අධ්‍යනයේ අරමුණ වූ බවයි.


පර්යේෂණය සඳහා වැඩිහිටියන් 36 දෙනෙකු සහභාගි කරගෙන ඇති අතර භාෂා අධ්‍යයන අවස්ථාවකදී සහ සූදු ක‍්‍රීඩාවෙන් ජයගන්නා විටකදී ඔවුන්ගේ මොළයේ එම්.ආර්.අයි ස්කෑන් ඡයාරූප ගෙන ඇත.
ඉන් හෙළිවී ඇත්තේ අවස්ථා දෙකේදීම මොළයේ එකම ස්ථානය උත්තේජනය වන බවයි.
මිනිස් භාෂාවන් වර්ධනය වීම හා විදෙස් භාෂාවන් ඉගෙනගැනීමට ඇති උනන්දුව නව සොයාගැනීම මගින් පැහැදිලි කළ හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි.

භාෂාවන් ඉගෙනගැනීම පිළිබඳ ගැටළු සහිත පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීමටද මෙය ඉවහල් වනු ඇතැයි පැවසේ.


- උපුටා ගැනීම lanka C news -

0 comments:

Post a Comment