පාම් දූපත් ඩුබායි - Palm Island

පාම් දූපත් කෘතිම ව ගොඩනගන ලද දූපත් පෙළකි. එක්සත් අරාබි එමිරේටයේ ඩුබායිහි ගොඩනගන ලද මේ දූපත් පෙළෙහි මූලික වාණිජ හා නේවාසික ව්‍යුහයන් ඉදිකරනු ලබන්නේ ය. මේ ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ එක්සත් අරාබි එමිරේට්ස් හි ඉඩකඩම් සංවර්ධන ආයතනයක් වන නකීල් දේපළ සමාගමයි.
ඔවුන් ලෝකයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥතාවක් උසුලන බෙල්ජියානු හා ඕලන්ද කැනීම් හා සාමුද්‍රික කොන්ත්‍රාත්කරුවකු වන ජාන් ඩි නුල් සහ වෑන් ඕර්ඩ් කුලී පදනමින් ඊට සහය කැරගෙන තිබේ.
මේ දූපත් වන්නේ පාම් ජුමෙයිරා, පාම් ජෙබෙල් අලි හා පාම් ඩෙයිරාය. මේ සෑම ජනාවාසයක්ම පාම් ගසක හැඩයෙන් යුක්ත අතර මුදුනේ චන්ද්‍රවංකයකි. මේවායේ නේවාසික, විවේකී හා විනෝද මධ්‍යස්ථානයන් විශාල සංඛ්‍යාවක් ඉදිවනු ඇත.






පාම් දිවයින් පර්සියන් බොක්කේ එක්සත් අරාබි එමිරේට වෙරළින් ඔබ්බේ පිහිටි අතර ඩුබායි නගරයට කි.මී. 520 ක මුහුදු වෙරළක් එක්කරනු ඇත. මෙහි පළමු දිවයින් දෙක සමන්විත වනු ඇත්තේ දළ වශයෙන් කියුබික් මීටර මිලියන 100 ක පාෂාණ හා වැල්ලෙනි.




‘පාම් - ඩෙයිරා’ දිවයින පමණක් සෑදී ඇත්තේ දළ වශයෙන් කියුබික් මීටර් බිලියනයක පාෂාණ හා වැල්ලෙනි. මේ දිවයින් නිර්මාණයේදී යොදා ගත් හැම ද්‍රව්‍යයක්ම ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි එමිරේටයෙන්මය.

මෙම දිවයින් තුනෙහිම සුඛෝපභෝගී හෝටල් 100 කට වැඩි ප්‍රමාණයක්, වෙරළබඩ සුවිශේෂී නේවාසික සංචාරක නිවහන් හා මහල් නිවාස, බෝට්ටු සවාරි සඳහා සැකසූ වරායන්, ජලාශ්‍රිත විනෝද උයන්, ආපන ශාලා, සාප්පු සංකීර්ණ, ක්‍රීඩා පහසුකම් සහ ඖෂධීය ජල ප්‍රතිකාර ස්ථානවලින් සමන්විත වනු ඇත.

0 comments:

Post a Comment