ලොව වඩාත් ප්‍රතචලිතම නයගරා දිය ඇල්ල - The world's most pratacalitama Niagara Falls


ඇමරිකන් ඇල්ල(Amarican Falls), බ්‍රයිඩ්ල් වේල් ඇල්ල (Bridal Veil Falls), හෝර්ස්ෂෝ ඇල්ල (Horseshoe Falls) කියන දිය ඇලි තුන එකතුවී ලෝක ප‍්‍රකට නයගරා දිය ඇල්ල නිර්මාණය වී ඇත. මේය පිහිටා තිබෙන්නේ ඇමරිකානු හා කැනඩා දේශසීමාවේ යකැනඩාවත් ඇමරිකා එක්සත් ජනපදයත් වෙන් කරමින් ඒ මධ්‍යයේ නයගරා දිය ඇල්ල පිහිටයිකැනඩාවේ ඔන්ටේරියෝ නගරයදඇමරිකාවේ නිව්යෝක් නගරයද නයගරා ඇල්ලෙන් රාජ්‍යයන් දෙක වෙන්වන මායිමේ පිහිටි නගර වේ. මේ සුන්දර දියඇල්ල නිව්යෝර්ක්‌ නගරයට කිලෝ මීටර් 27 ක්‌ වයඹ දිගින්ද ටොරොන්ටෝ නගරයට කිලෝමීටර් 121 ක්‌ ගිණිකොණ දිගින්ද පිහිටා ඇත.ඇල්ලෙ ජල ඝනත්වය තත්පරයට වර්ගමීටර 2400ක් පමණ වන අතර උස අඩි 180 කුත්දිග අඩි 2200කුත් වේ.
නයගරා දිය ඇල්ල 
සංචාරකයන් ඇදගන්නා නයගරා දිය ඇල්ල 

සංචාරකයන් ඇදගන්නා නයගරා දිය ඇල්ල 
නයගරා ඇල්ල සැදී ඇත්තේ නයගරා ගඟෙන් ය. නයගරා ගඟ ඊරි විලේ සිට ඔන්ටෙරියෝ විලටත් ඉන්පසු මුහුදට ගලා බසී.පංච මහා විල් (Great Lakes) වන සුපිරියර්(Lake Superior),මිචිගන්  (lake michigan),හියුරන් (Lake Huron),ඊරි (Lake Erie) සහ ඔන්ටේරියෝ (Lake Ontario) යන එම විල්වේ. ඊරි විලත් ඔන්ටෙරියෝ විලත් තිබේන්නේ තල දෙකක ය.උසින් තියන ඊරි විලෙන් පහළ තියන ඔන්ටෙරියෝ විලට නයගරා නදිය මගින් ජලය ගලා පහළට කඩා හැලීම තුළින් මේම නයගරා දිය ඇල්ල නිර්මාණය වී තිබේ.

සුපිරියර් විල(Lake Superior)
ඔන්ටේරියෝ විල (Lake Ontario)

මිචිගන් විල  (lake michigan)

හියුරන් විල (Lake Huron)
ඊරි විල (Lake Erie)
ඊරි විල (Lake Erie)

ඇල්ල කොටස් දෙකකින් සමන්විතවේ. “ගෝට් අයිලන්ඩ්” යනුවෙන් හඳුන්වන ඇමරිකානු ඇල්ලට නැගෙනහිර කොටසේදඅශ්ව ලාඩමක හැඩය ගත් කැනේඩියානු “හෝස් ශූ” කොටස බටහිරට වන්නට පිහිටා ඇත. නයගරා ඇල්ල නිර්මාණය වී තිබෙන ඇමරිකන් ඇල්ල(Amarican Falls), බ්ර්යිඩ්ල් වේල් ඇල්ල (Bridal Veil Falls), හෝර්ස්ෂෝ ඇල්ල (Horseshoe Falls) ගැලිමෙනි.
 නයගරා දිය ඇල්ලේ පෙනුම  
 නයගරා දිය ඇල්ලේ පෙනුම  
 නයගරා දිය ඇල්ලේ පෙනුම  
නයගරා දිය ඇල්ලේ ගුවන් ජායාරුපයක්

ඇමරිකන් ඇල්ල(Amarican Falls)
ඇමරිකානු ඇල්ල වම් පැත්තේන්  පිහිටා ඇති අතර කැනේඩියානු සිමාවේ සිට මෙය හොදින් දැක හැක.විශාලත්වයෙන් අඩු ඇමරිකානු ඇල්ල සුන්දරත්වයෙන් පිරි ඇති බව දක්නට ලැබේ.මෙහි අයිතිය ඇමරිකාවට හිමි වේ.
 ඇමරිකන් ඇල්ල(Amarican Falls)

 ඇමරිකන් ඇල්ල(Amarican Falls)

බ්‍රයිඩ්ල් වේල් ඇල්ල (Bridal Veil Falls)
ඇමරිකානු ඇල්ලට දකුණු පැත්තේන් වෙන් වුනු තරමක් කුඩා දිය ඇල්ලකි.මෙය මනමාලියකු ගේ වේල් එක හා සමාන හෙයින් මෙයට බ්ර්යිඩ්ල් වේල් ඇල්ල (Bridal Veil Falls) යන නමින් හදුන්වයි.

 බ්‍රයිඩ්ල් වේල් ඇල්ල (Bridal Veil Falls)

බ්‍රයිඩ්ල් වේල් ඇල්ල (Bridal Veil Falls)

හෝර්ස්ෂෝ ඇල්ල (Horseshoe Falls)
මේය දකුණු පැත්තෙන් දිය ඇලි 3න් විශාලම දිය ඇල්ල ලෙස පිහිටා ඇත.මෙහි පෙනුම අශ්ව ලාඩමක හැඩය නිසා මෙයට හෝර්ස්ෂෝ ඇල්ල (Horseshoe Falls) යන නමින් හැදින් වේ. මෙය ඇමරිකාවටත් කැනඩාව ටත් දෙරටටම අයිතියි ඇල්ලකි.ප්‍රධාන වශයෙන් ඇමරිකාවත්  කැනඩාවත් යන රාජ්ය්යන් දෙක වෙන්වන මායිමේ පිහිටා ඇත.  මෙම ඇල්ලෙන් තත්පරයකට ලීටර 2,271,247 ක ජල ප්‍රමාණයක්  කඩා හැලීමෙන්  සෑදුනු දුම නිසා මේය තරමක් නිරීක්ෂණයට අපහසු ය.
හෝර්ස්ෂෝ ඇල්ල (Horseshoe Falls)

හෝර්ස්ෂෝ ඇල්ල (Horseshoe Falls)


මීට වසර 10,000කට ඉහත අවසන් අයිස් යුගයේදී ඇල්ලේ යටි හොය කිලෝමීටර 11ක් දිගැති වූ බව පැවසේ. එහෙත් යටි පාෂාණය මතට කඩා හැලෙනතත්ත්පරයකට ටොන් 7000ක දිය කඳ හේතුවෙන්යටි පාෂාණය වසරකට අඩි බැගින් ඛාදනය වේ.

එමෙන්ම 2014 ජනවාරි මස නයගරා දිය ඇල්ල අවට කාලගුණය වාර්තාගත ලෙස වෙනස් වීමක් විය. උෂ්ණත්වමාපකයේ එය සටහන් වූයේ ෆැරන්හයිට් -2ක් ලෙසයි. ඒත් ඒ අවස්ථාවේ එහි හමා ගිය සුළඟ කෙතරම් ශීතල වීද යත් එහි යන අයට දැනුණේ ෆැරන්හයිට් රින 20ක් ලෙසනි. ඓතිහාසික වාර්තාවලට අනුව මේ හා සමාන දැඩි සීතලක් 1848 දීත් නයගරා ඇල්ල ප්‍රදේශයට උදා වී ඇති අතර 1936 දී නයගරා දිය ඇල්ලට අයත් දිය ඇලි තුනෙන් උසින් අඩුම දිය ඇල්ල වූ ඇමරිකන් ඇල්ල කොටස මුළුමණින්ම මිදී ගොස් ඇතැයි වාර්තා වේ.මෙහි දැක්වෙන ඡායාරූපවලින් 1890 දී හෝ 1902 දී මෙන් ම 1911 දී හෝ 1912 දී නයගරා ඇල්ල මිදී ගිය අවස්ථා ද දැක ගත හැකියි. ඒත් පැරණි වාර්තාවල දැක්වෙන පරිදි හිම මිදුණු එවැනි එක් අවස්ථාවක දීඑනම් 1912 දී පාලමක් සේ බැඳුණු අයිස් තට්ටුවක් කඩා වැටී ඒ හරහා යන්නට ගිය තිදෙනකු මරණයට පත් වී ඇතැයි ද වාර්තා වල සදහන් වේ.






 සීතලට ගල් ගැසුණු නයගරා 

0 comments:

Post a Comment