ලෝකයට ලස්සන පෙන්වන බාසිලෝනා.. - The Oldest City Of Barcelona Spain


ලොව තැන තැන පිහිටි නොයෙක් නගර අතර ඉතාම සුවිශේෂ නගර ඇති බව දනිමු. ඒවා සුවිශේෂ වන්නේ එක්කෝ ඒවා භූගෝලීය වශයෙන් වැදගත් වන නිසා එසේත් නැතිනම් සමාජ දේශපාලන වැදගත්කමක් නිසා නැතිනම් සංස්කෘතික හා කලාත්මක හේතු නිසා. එසේත් නොවේ නම් එය අතීතයට අයිති නගරයක් බවත් පත්වීම නිසා.ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය ගැන කතා කරනවා නම් එය සුවිශේෂ වන්නේ ඇයි? අතීතයෙ ස්පාඤ්ඤයේ ස්වාධීන ප‍්‍රාන්තයක් වූ කැටලෝනියාවේ අලංකාර නගරයක් ලෙස එය හඳුනාගන්නට පුළුවනි.මේ ප‍්‍රදේශයට ආවේණික වූ අනන්‍යතාවයන් රැසක් තිබෙන බව මෙහි ඡායාරූප දෙස බැලූ විට ඔබට පෙනේවි. ඒ අතරිනුත් නගරය කැපී පෙනෙන්නේ එහි බාහිර අලංකාරය නිසයි.යුරෝපයේ පුනරුද සමයේ කලාත්මක කටයුතුවල කැපී පෙනෙන වෙනසක් සිදුවුණා. ඉතිහාසයට අනුව එය මධ්‍ය කාලීන යුගයේ අවසානය හා නූතන යුගයේ ආරම්භක කාලයයි. ඉතාලියෙන් ආරම්භ වුණු එය යුරෝපය පුරා වේගයෙන් පැතිරුණා. එහි බලපෑම බාසිලෝනා නගරයට ද ළඟා වුණා. නගරය මෙතරම් සුවිශේෂ ලෙස වෙනස් කළ ප‍්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියෙක් ගැන සඳහන් වෙනවා. ඔහුගේ නම ඇන්ටෝනියෝ ගෝඩි. කැටලොනියානුවකු වූ ගෝඩි ගේ ගෘහ නිර්මාණවල අලංකාරයයි බාසිලෝනා නගරය පුරා විහිදී තිබෙන්නේ.






කැටලෝනියානු යුගයට අයත් සංස්කෘතික ලක්‍ෂණ අතරට එක්වුණු පැරැණි උරුමයන් රාශියක් අතර රජ මාළිගා, දෙව් මැදුරු හා ස්මාරක රැසක් දකින්නට පුළුවනි. මේ නිසා බාසිලෝනා නගරය සංචාරකයින්ගේ නෙතට අසුවන නගරයක් බවට පත් වී තිබෙනවා.බාසිලෝනා නගරයේ අගින්දිග කොටස මුහුණ ලා තිබෙන්නේ මධ්‍යධරණී මුහුදටයි. බාසිලෝනා, ස්පාඤ්ඤයේ ප‍්‍රධාන වරායක් වන අතර ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වෙයි.1970 ගණන්වල බාසිලෝනා ප‍්‍රදේශයේ වෙනස්කම් රැසක් සිදුවුණා. ස්වාධීන ප‍්‍රදේශයක් ලෙස පැවතුණා. කැටලෝනියාව 1936 දී සම්පූර්ණයෙන් ස්පාඤ්ඤයට නතු වුණා. ඒ අනුව කැටලෝනියානු භාෂාවේ හා සංස්කෘතියේ වෙනස්කම් රැසක් ස්පාඤ්ඤ ක‍්‍රමයට අනුව වෙනස් වුණා.විශේෂ මතක සටහන්1992 දී ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වුණේ බාසිලෝනා නගරයේයි. මේ වැදගත් උළෙල නිසා ලක්‍ෂ ගණනක් වූ එහි පදිංචිකරුවන් හා සෙසු කටයුතු ලෝකයේ අවධානයට හසුවුණා.






- සමුද්‍රිකා වර්ණකුල -

0 comments:

Post a Comment